ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ආරාධනයෙන්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් 05 දින (හෙට දින) ප.ව. 02.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ 2020 ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය මේවන විට පවතින සෞබ්‍ය තත්වය සැලකිල්ලට ගෙන නතර කිරීමට තීරණය කොට තිබෙනවා.
ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයේදී නිවාසලාභීන් සඳහා ඔප්පු ලබාදීම, ඉදිකිරීම් ශිල්පීන් සඳහා වෘත්තීය හැදුනුම්පත් ලබා දීම සහ ලෝක ජනාවාස දිනයට සමගාමීව පැවැත්වූ ළමා චිත්‍ර සහ අත්කම් තරගයේ ජයග්‍රහකයින් සඳහා ත්‍යාග ලබාදීම යන කටයුතු ඉදිරි කාලයේදී ඔවුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.