එහිදී ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගත් සැළසුම් සහගත වැඩසටහනක් කඩිනමින් සකස් කර ක්‍රියාවට නංවන ලෙසත්, දැනට රසායනාගාර තුල සිදු කරන PCR පරීක්ෂණ සේවාවන් පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යතුමිය නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිටතට වෛරසය පැතිරීම වැළැක්වීමට ගත හැකි කඩ්නම් ක්‍රියාමාර්ග පිළිබදව ද සැකච්ඡා කෙරුණු අතර, සියළු දෙනා එකට එක්ව මෙම අභියෝගය ජයගැනීමට කටයුතු කළ යුතු බව ද අවධාරණය කරන ලදි.
දිස්ත්‍රික්කයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරිම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල යෙදවීම හා ඔවුන්ගේ ආරක්ෂාව, රෝහල්වල බාහිර රෝගී අංශවලින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, සාම්පල පරීක්ෂාව පුළුල් කිරීම, රෝගීන් හා අනෙක් පුද්ගලයින් අතර සම්බන්ධතා සොයා ගැනීම, පුද්ගලයින් නිරෝධානය, හුදෙකලා කිරීම හා ඊට අදාල ක්‍රමවේදයන් පිළිබදව ද සාකච්ඡා කෙරිනි.
ඒ අනුව මෙම සාකච්ඡාවේ දී පහත සදහන් තීන්දු තීරණ ගනු ලැබින.
01. මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සේවාවන් සැපයීම සදහා යොදා ගැනීම.
02. කොවිඩ්-19 ආසාදිත බවට සැක සහිත රෝගීන් ඇතුළත් කර පරික්ෂා කිරීමට ගම්පහ රෝහල යොදා ගැනීම.
03. ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් සහ ඔවුන් ලගින් ඇසුරු කළ ආශ්‍රිතයින් මෙන්ම පාසල් දරුවන් ඇතුලුව 2000 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කිරීමට කටයුතු කිරීම.
04. ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල PCR පරීක්ෂාවට ලක් කිරීම.
05. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවා නිරීක්ෂණයට හා සවිබල ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නිලධාරි කණ්ඩායමක් යෙදවීමට පියවර ගැනීම.
06. දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ එම කටයුතු සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල හා උපකරණ හිඟයකින් තොරව ලබාදීම.
කිසියම් පුද්ගලයෙක් වෙත උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් පැය 24 පුරාම ක්‍රියාත්මක “සුවසැරිය” 1999 සෞඛ්‍ය උපදෙස් සේවාව හා සම්බන්ධවී වෛද්‍ය උපදෙස් ලබාගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය පෙන්වා දෙන ලදි. ඊට අමතරව 1990 “සුවසැරිය” ගිලන් රථ සේවාව ද පැය 24 පුරාම ක්‍රියාත්මක බව ද පෙන්වා දෙන ලදි.
මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.