ඒ මහතා මේ බව පැවසූවේ කොවිඩ් 19 පිළිබඳව අවධානය ගිලිහී යාම රටට බලපාන්නේ කෙසේද? සම්බන්ධයෙන් අද (05) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
මීට පෙරද වැලිසර, කන්දකාඩු ආශ්‍රිතව මෙවැනි විශාල කොරෝනා පොකුරු නිර්මාණය වුවත් ඔවුන් කඳවුරු තුළම සිටි බැවින් එහි අවදානම අවම වූ නමුත් මෙහිදී මොවුන් දිනපතා නිවාසවල සිට සේවා ස්ථානයට පැමිණි අතරම වැඩි වශයෙන් සමාජයට මුහු වූ පිරිසක් බැවින් මෙහි අවදානම වඩාත් විශාල වන බව ඒ මහතා මෙහිදී අවධාරණය කරන ලදී.
මෙහිදී පළමුව හඳුනා ගත් කොරෝනා ආසාදිත කාන්තාව හට මෙය වැළඳීමේ මූලාශ්‍රය මේ වනවිටත් ආවරණය නොවීම මත මෙය සමාජගත වීමේ අවදානම වඩාත් ඉහළ වන බවද කීය.
පසුගිය දින කිහිපය තුළ මෙම ආයතනය සමග යම් සම්බන්ධ වූ අයෙක් සිටී නම් ඔවුන් නිවාස තුළම රැඳී සිටින ලෙසත් යම් ස්වසන අපහසුතාවක් හෝ පූර්ණ රෝග ලක්ෂණයක් පවතී නම් ඔවුන් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කර වහාම රෝහල්ගත වීම සිදු කරන ලෙසත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
වත්මන් තත්ත්වයත් සමගින් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සමාජයට පැමිණ හැකි තරම් නිවාසවලම රැදෙන ලෙසත් ජනතාව විශාල වශයෙන් ඒකරාශී වන අවස්ථා හැකි පමණින් සීමා කරන ලෙසද ඒ මහතා මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
ඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග කටයුතු නොපැවැත්වීමට මේ වන විටත් කිසිදු තීරණයක් නොමැති බවත් පවතින තත්ත්වය මත ඉදිරි දින දෙක තුළදී ඒ පිළිබඳව නිශ්චිතව ම දැනුම් දෙන බව ද පැවසීය.
මෙම තත්ත්වය තව දුරටත් සමාජගත වීම ජනතාවගේ සාමාන්‍ය හැසිරීම මත තීරණය වන බවත් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ජනතාව තම සහය නිරන්තරයෙන් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා මෙහිදී පැවසීය.