ඒ අනුව අදාළ ඖෂධ තොගය මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු. ගමගේ මහතා වෙත පරිත්‍යාග කිරීම සිදු වු අතර, මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කරන මධ්‍යම පළාත් ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තම ස්තූතිය පුද කර සිටින බවත්, කොවිඩ් වසංගත තත්වයත් සමග දේශීය ඖෂධ වල ඇති සුවිශේෂිත්වය මුළු ලොවටම පසක් වී ඇති බව මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් මහීශ්වර කිරිඳිගොඩ, මධ්‍යම පළාත් ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිණි මයුරි බණ්ඩාර, එම සංගමයේ ලේකම් ජේ.එම්. හලීම්ඩීන් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියේය.