මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    බස්රථ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරනවාදැයි අධීක්ෂණයට ඩිපෝ මට්ටමින් වැඩපිළිවෙලක් - ලංගම සභාපති කිංස්ලි රණවක

    ඔක්තෝබර් 06, 2020

    බස්රථ වල පවතින ආසන ප්‍රමාණයට ගමන් කිරීමටත්, මුඛ ආවරණ පැළඳ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස ජනතාවට උපදෙස් දී ඇති බවත්, එකී සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුගතව බස්රථ ධාවනය කරන්නේ ද යන්න අධීක්ෂණය සඳහා ඩිපෝ මට්ටමින් උපදෙස් ලබා දී ඇති බවත් ලංගම සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටී.


    ඒ මහතා මේ බව කියා සිටියේ මේ වන විට රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් බස්රථ වල ගමන් කරන මඟීන්ගේ සෞඛ්‍යාරක්ෂිතභාවය ආරක්ෂා කරගනිමින් එදිනෙදා ගමනාගමන කටයුතු සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ය.


    එමෙන්ම, කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇදිරිනීතිය පවතින ප්‍රදේශ වලට සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු සඳහා ලංගම බස්රථ ලබා දීමට ද ඉදිරියේ දී කටයුතු කරන බවත් සභාපතිවරයා කියා සිටියේය.

    එහෙත් පවතින බැරෑරුම් තත්ත්වයේ දී ත් ඇතැම් බස්රථ වල පමණට වඩා මඟින් පිරිස් බස්රථ වලට නංවාගෙන යාමට කටයුතු කිරීම අනුමත නොකරන නමුත් එකී බස්රථ වල ගමන් කිරීමේ දී සෞඛ්‍යක්‍රමවේද අනුගමනය කරමින් ගමන් කිරීමට ජනතාව ද දැනුවත් ව කටයුතු කළ යුතු බවත්, බස්රථ රියදුරු සහ කොන්දොස්තර මහතුන්ට පමණක් මේ තත්ත්වය පාලනය කළ නොහැකි බවත් සඳහන් කළ ඒ මහතා ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල ගමනාගමනය සම්පුර්ණයෙන් ම නවතා ඇති අතර අත්‍යවශ්‍ය සේවා වලට පමණක් ප්‍රවාහන කටයුතු සිදු කෙරෙන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya