වසරේ පළමු මාස දහය තුළ ළමා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි හයදහසකට අධික ප්‍රමාණයක් ලැබීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් නගන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දිවයින පුරා පළාත් මට්ටමින් වීඩියෝ සාක්ෂි පටිගතකිරීමේ ඒකක නවයක් ඉදි කිරීමට සැළසුම් කර ඇති අතර, ළමා අපයෝජන සම්බන්ධයෙන් පොලිස් නිළධාරින්ට විධිමත් පුහුණුවක් ලබා දීම, ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි ලැබූ පසු පළමු වාර්තාව ලැබී පැය 24ක් ඇතුළත අධිකාරියට වාර්තා කිරීම, දිවයින පුරා ළමා අධිකරණ ඇති කිරීම වැනි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.