මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    පාසල් පන්තියට සිසුන් ඇතුළත් කිරීමට විනිවිදභාවයෙන් යුත් නව ක්‍රමවේදයක්

    ඔක්තෝබර් 06, 2020

    වඩාත් විනිවිදභාවයෙන් යුතුව පාසල් පන්තියකට සිසුන් ඇතුළත් කරගත හැකි සංඛ්‍යාව වැඩි කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

    පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා පවතින දැඩි ඉල්ලුම සැළකිල්ලට ගනිමින්, එක් පන්තියකට ඇතුළත් කරගත හැකි ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට හැකි වන අයුරින් දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය සංශෝධය කර වඩාත් විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය.

    පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ උපදෙස් අනුව විදුහල්පතිවරුන් විසින් සිදුකරගෙන යනු ලබයි. එසේම, ශිෂ්‍යත්ව විභාගයේ කුසලතා පදනම් කරගනිමින් ජාතික පාසල් හා පළාත් පාසල් වල 6 වන ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමත්, සාමාන්‍ය පෙළ සුදුසුකම් පදනම් කරගනිමින් උසස් පෙළ පන්ති සඳහා ද සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කෙරේ.

    ඊට අමතරව 37/2008 සහ 33/2019 චක්‍රලේඛ පරිදි පාසල්වල විදුහල්පතිවරුන්ගේ එකඟතාව මත අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරනු ලැබේ. ඒ යටතේ ස්ථාන මාරුවීම් හේතුවෙන් පදිංචිය වෙනස්වීම, විදේශගතව සිට පැමිණීම, පාර්ලිමේන්තුවට තේරී පත්වීම, අධිකරණ සේවයේ නියුක්ත විනිශ්චයකාරවරුන්, රජයේ විශේෂඥ වෛද්‍ය සහ රජයේ වෛද්‍ය නිළධාරින්, පාසල්වල සහ අධ්‍යාපන අමාත්‍යංශය හා ඊට අනුබද්ධිත දෙපාර්තමේන්තුවල සේවයේ නියුක්ත වූවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විධායක නිලධාරීන්, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සහ ගුරු අධ්‍යාපනඥ සේවාවන්හි නිලධාරින් යන කණ්ඩායම් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට සුදුසුකම් ලබයි.

    එසේම ළමුන් ඇතුළත් කිරීමේ දී අසාධාරණයන්ට ලක්ව ඒ පිළිබඳව පැවති විමර්ශනවලදී සුදුසුකම් ලැබීම, විශේෂ අවශ්‍යතා ඇති සහ සමාජ සුබසාධන මධ්‍යස්ථානවල රැඳී සිටින දරැවන් වීම යන කාණ්ඩයන්ද අතරමැදි පන්ති සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya