අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, (06) විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා ඇතුළු අතිරේක විභාග කොමසාරිස්වරුන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි.
එමෙන් ම උසස් පෙළ විභාගය සඳහා සිසුන් විසින් පෙනී සිටින සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂය (GIT) සඳහා ලබාගන්නා සාමාර්ථය සරසවි ප්‍රවේශයේ දී සැලකිල්ලට ගැනීම හරහා එම විෂය සිසුන් අතර තවදුරටත් ප්‍රචලිත කිරීමට ද මෙහි දී සාකච්ඡා කෙරිණි. පසුගිය වසර වන තෙක් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂය සඳහා පැවතියේ ලිඛිත පරීක්ෂණයක් පමණක් වීම නිසා සිසුන් මෙම විෂය සම්බන්ධ එතරම් උනන්දුවක් නොදැක්වූ බව ද එහෙත් පසුගිය වර්ෂයේ සිට ප්‍රායෝගික පරීක්ෂණයක් ද සහිත ව මෙම විෂය සඳහා පෙනී සිටීමට සිසුන්ට අවස්ථාව සලසා ඇති බැවින් සිසුන් තුළ වැඩි උද්යෝගයක් දැනට පවත්නා බව ද මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
ඇතැම් පාසල්වල දරුවන්ට පරිගණක පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් නොමැතිවීම නිසා පවත්නා අභියෝගයට ද විසඳුම් ලබාදීම කෙරෙහි මෙහි දී අවධානය යොමු කළ යුතුව පවතින බව විභාග කොමසාරිස්වරයා තවදුරටත් පෙන්වාදුන්නේ ය.
උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ ඉංග්‍රීසි පරීක්ෂණය සඳහා සිසුන් ලබාගන්නා සාමාර්ථය අනුව සරසවි ප්‍රවේශයේ දී ලබා දෙන ඉසෙඩ් අගයට කිසියම් ලකුණක් එකතු කළ හැකිනම් එය වැදගත් වන බව ද මෙහි දී විභාග කොමසාරිස්වරයා යෝජනා කළේය.
අධ්‍යාපනය සහ තාක්ෂණය අතර පරතරය අවම කරමින් සිසුන්ට වඩාත් ප්‍රායෝගික හා නම්‍යශීලී ප්‍රවේශයක් තුළ දැනුම ඇගයීමට ලක්කරන ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා ලෙසත්, ඒ සම්බන්ධයෙන් වන යෝජනා සහ සැලසුම් ඉදිරි සති කිහිපය ඇතුළත තමා වෙත ලබා දෙන ලෙසත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සහයෝගය ද මේ සඳහා ලබාගන්නා ලෙසත් ඒ අනුව වඩාත් විධිමත් සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් හරහා ඉදිරියේ දී මෙරට විභාග පද්ධතිය නවීකරණය කිරීමට පියවර ගතයුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ සඳහා විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා ඇතුළු අතිරේක විභාග කොමසාරිස්තුමිය ප්‍රමුඛ විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික ලේකම් නලීන් ගම්ලත් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.