අද (06) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටියදී සෞඛ්‍ය බලධාරීන් විසින් දී ඇති උපදෙස් අනුව පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන තරයේ පිළිපදින ලෙසත්, එමෙන්ම, පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදීද, එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් කථානායකවරයා පාර්ලිමේන්තු මන්ර්‍තීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
අමුත්තන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම, අදාල සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන වලට අනුකූලව අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් පමණක් පාර්ලිමේන්තුවට කැඳවන ලෙසත් සියළුම ගරු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙයට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සෙසු හා අනුබද්ධිත කාර්ය මණ්ඩල, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්, සැපයුම් කරුවන් හා සේවා සපයන්නන්, ආරක්ෂක අංශ වලට අයත් කාර්ය මණ්ඩල ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණෙන සියළුම දෙනා විසින් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුව කටයුතු කිරීමද අත්‍යවශ්‍ය වන බවද කථානායකවරයා නිවේදනය
කළේය.