එම ආයතනය වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරි රජීව් ධර්මේන්ද්‍ර මහතා සහ අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් එම්.ඒ.බී විජිත බණ්ඩාර යන මහත්වරුන් අතර එය සිදු කෙරිණ.
MAS Intimates (PVT) Ltd ආයතනය සෑම වර්ෂයකම තම සාමාජික සාමාජිකාවන් සදහා අවුරුදු තිළිණයක් ලබාදෙන අතර, ඒවා බොහොමයක් ආනයනික නිෂ්පාදනයන්ය. මේ පිළිබදව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා දැනගත් විගසම එම ආයතනයේ පාලන අධිකාරියෙන් කළ ඉල්ලීමකට අනුව, 2021 ජනවාරි 01 වැනි දින සාමාජිකයන් 36,000 ක් සදහා ගුරුලේත්තුවක් ලබාදීමට ඔවුන් තීරණය කර තිබේ.
ඒ අනුව අමාත්‍යංශයට අයත් මැටි භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් ඒවා ලබාගැනීමට සැලසුම් කර ඇත. එමගින් විශාල විදේශ විනිමයක් රටට ඉතිරිකර ගැනීමට හැකිවන අතරම, එම මුදල දේශීය කර්මාන්තකරුවන් අතර බෙදීයෑමත්, පරිසර හිතකාමී දේශීය නිෂ්පාදනයන් පරිභෝජනයට ජනතාව තුළ උනන්දුව ඇතිකිරීමට හැකිවීම අමාත්‍යවරයාගේ අපේක්ෂාවයි.
MAS සමූහයට අයත් “MAS Intimates (PVT) Ltd” යනු ඇඟලුම් නිෂ්පාදන කරන, දකුණු ආසියාවේ විශාලතම සමාගමයි. සුවපත් දිවියක් වෙනුවෙන් අවශ්‍ය අනිවාර්ය අංගයක් වන පිරිසිදු පානීය ජලය තම සාමාජික සාමාජිකාවන්ට ඔවුන්ගේ රැකියා ස්ථානයේදී ලබාදීම ආරම්භයේ සිටම ඔවුන් විසින් සිදුකරන ලද්දකි. මෙමගින් අවශ්‍ය පිරිසිදු පානීය ජලය තම සාමාජිකයින්ට නිවසතුලදීත් සපයා ගැනීමට හැකිවනු ඇත. “දේශීය නිපැයුම් අගයමු” සංකල්පය යටතේ සියලුම සාමාජික සාමාජිකාවන් වෙත නව අවුරුදු තිළිණයක් ලෙස මැටි භාණ්ඩ නිෂ්පාදනයන්ගෙන් ජනප්‍රිය නිෂ්පාදනයක් වන අලංකාර වතුර පෙරණයක් වන ගුරුලේන්තුවක් ලබාදීම මෙවර සමාගමේ අරමුණයි. ඒ වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට ග්‍රාමීය නිෂ්පාදකයන්ගෙන් සමාගම විසින් රුපියල් කෝටි හතර හමාරකට අධික වටිනාකමකින් යුක්ත භාණ්ඩ මිලදී ගැනීමට නියමිතය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා, අමාත්‍යාංශ අතිරේක ලේකම් ජේ. ක්‍රිෂ්ණමූර්ති මහත්මිය, MAS Intimates (PVT) Ltd ආයතනයේ නිෂ්පාදන සහ මෙහෙයුම් අධ්‍යක්ෂ රුවන් කෑරගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.