වසර 50 කට පෙර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන, තේ ඇතුළු අපනයන බෝග, ඉන්ධන මෙන්ම පොහොර ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස දුම්රිය සේවය භාවිත කළද වර්තමානය වන විට එය මහා මාර්ගවල ප්‍රවාහන මාධ්‍යයන්ට පරිවර්තනය වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවාහන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති අතර, අපතේ යාම්, මාර්ග තදබදය මෙන්ම පරිසර දූෂණයද ඉහළ ගොස් ඇත.
කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් හරහා සෘජුවම පොහොර ප්‍රවාහනය කිරීමටත් උතුරු, දකුණු, උඩරට ගොවිබිම් ආවරණය කරමින් එළවළු, පළතුරු නිෂ්පාදන සේම තේ ඇතුළු අපනයන බෝග නාගරික ප්‍රදේශ කරා ප්‍රවාහනය කිරීමටත්, මෙහිදී යෝජනා වූ අතර මාළු නිෂ්පාදන ප්‍රවාහනය සඳහා අධි ශීතකරණ පහසුකම් දුම්රිය මැදිරි තුළ ඇති කිරීමට ද තීරණය විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, රජයේ පොහොර සමාගම් විසින් පොහොර ප්‍රවාහනය සඳහා වසරකට රුපියල් මිලියන 650 ක් වැය කරන බවත්, ඒ සඳහා දුම්රිය යොදාගනිමින් ප්‍රවාහන වියදම 50% කින් අඩු කිරීමට අදහස් කරන බවත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, රාජ්‍ය ලේකම්වරුන්, රජයේ පොහොර සමාගම් සභාපතිවරුන්, දුම්රිය සාමාන්‍යාධිකාරී, වරාය අධිකාරියේ සභාපති ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.