ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මැලේසියානු රජය ලබා දෙන සහයෝගය අගය කරන බවත් වත්මන් රජය ගෙන යන සංවර්ධන කටයුතු සදහා මැලේසියාවේ සහාය ඉදිරියටත් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.
අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සදහා වත්මන් රජය ගෙන ඇති පියවර අගය කරන බවත් මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට උපරිම සහයෝගය පළ කරන බවත් මහ කොමසාරිස්වරයා පැවසීය.