දෙරට අතර අධිකරණ සහයෝගිතාවය ඇති කිරීම පිළිබදව අදහස් හුවමාරු විය. මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉතාලි රජය ලබා දෙන සහයෝගය අගය කරන බව අධිකරණ අමාත්‍යවරයා එහිදී සදහන් කළේ ය.
අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම සදහා වත්මන් රජය ගෙන ඇති පියවර අගය කරන බවත් මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට
උපරිම සහයෝගය පළ කරන බවත් තානාපතිනිය සදහන් කළාය.