ඒ අනුව මෙම මස සිට ඉඩපහසුකම් පවතින අගුණකොළපැලැස්ස බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමට නියමිතය. මව්වරුන් සමග සිරගතව සිටින අවු.5ට අඩු දරුවන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව පසුගියදා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී ඇය මේ පිළිබදව අවධානය යොමු කල අතර එම දරුවන් සමග සිරගතව සිටින මව්වරුන් සම්බන්ධයෙන් වන නීතිමය උපදෙස් ලබාගැනීමට ද කටයුතු කරමින් සිටී.
වරදක් නොකලද සිරගතවීමට සිදුව ඇති අවු 5ට අඩුදරුවන්ගේ මානසික තත්වය යහපත් කරතැබීමට අවශ්‍ය පරිසරය සකස්කරදීමේ අවශ්‍යතාව පැහැදිලි කරදුන් අමාත්‍යවරිය දරුවන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය
හරියාකාරව සිදුනොවූ විට රටක් සමාජයක් පත්වන ඛේදනීය තත්වය පිළිබදව පැහැදිලි කර දුන්නාය. සිරගෙයක් තුළ වැඩෙන දරුවෙකුගේ මානසික තත්වය සිරගෙයක පිටත සිටින දරුවෙකුගේ මානසික තත්වයට වඩා වෙනස් විය හැකි අතර එය යහපත් නොවීමටද හේතුවක් විය හැකි බව අමාත්‍යවරිය මෙහිදී පැහැදිලි කරදුන්නාය.
එබැවින් දිවාකාලයේදී හෝ දරුවන්ට බන්ධනාගාර සිරමැදිරි පරිසරයෙන් මිදී ඔවුන්ගේ මනස සංවර්ධනය කිරීමට අවශ්‍ය පරිසරය සකස්කර දීමට විශේෂ දිවාසුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීමට අවශ්‍ය පියවර ඉඩ පහසුකම් පවතින බන්ධනාගාර පරිශ්‍රයන් තුළ වෙනම විශේෂ දිවාසුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීමටත්, ඉඩපහසුකම් නොමැති බන්ධනාගාර ආශ්‍රිතව ඉන් පිටත විශේෂ දිවාසුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කිරීමට උපදෙස් ලබාදුන් අතර ඒ සදහා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලබාගැනීමට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී සදහන් කලාය.
වයස අවුරුදු 2ක් දක්වා දරුවන්ට මව්කිරි දීම අත්‍යාවශ්‍ය බැවින් අවුරුදු 2-5ත් අතර වයසේ පසුවන දරුවන් මෙසේ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට යොමුකිරිමට අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදි.
මෙම සාකච්ඡාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගීතාමනී කරුණාරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ආර්.පී.එස්. සමන් කුමාරි බන්ධානාගාර කොමසාරිස් පුනරුත්ථාපන චන්දන ඒකනායක, කොමසාරිස් තුසිත උඩුවර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගීවිය.