මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    පී.සී.ආර් පර්යේෂණ හැකි උපරිමයෙන් සිදු කරනවා-රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

    ඔක්තෝබර් 07, 2020

    රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත පී.සී.ආර් පර්යේෂණ හැකි උපරිමයෙන් සිදු කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද(7) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා රට හමුවේ පවතින වර්තමාන කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    සමාජ ජාල තුළ ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් සිදු කරන අසත්‍ය ප්‍රකාශ නිසා ජනතාව නොමග ⁣ගොස් ඇති බවත් සමාජජාල තුළින් ඉල්ලූ පමණින් ඇඳිරිනීතිය පැණවිය නොහැකි බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ නිර්දේශ කරයි නම් අඳිරිනීතිය පනවන බවද සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya