මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    රජය කොවිඩ් මර්දන කටයුතු සඳහා තීන්දු තීරණ ගන්නේ දේශපාලන අවශ්‍යතාවයට නොවෙයි- සෞඛ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 07, 2020

    කොවිඩ් මර්දන කටයුතු සඳහා රජය තීන්දු තීරණ ගන්නේ දේශපාලන අවශ්‍යතාවයට නොවන බවත් කොවිඩ් මර්දනය සඳහා තීන්දු ගැනීමේ දී සෞඛ්‍ය අංශයේ විශේෂඥ මතයයට ගරු කර ඒ උපදෙස් අනුව අවශ්‍ය තීන්දු ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.

    විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස මහතා විසින් පවතින කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටි අතර එයට පිළිතුරු ලබාදෙමින්
    අමාත්‍යවරිය මේ බව පැවසීය.

    රජය කොවිඩ් මර්දන කටයුතු සඳහා තීන්දු තීරණ ගන්නේ දේශපාලන අවශ්‍යතාවයට නොවන බව කී අමාත්‍යවරිය,කොවිඩ් මර්දනය සඳහා තීන්දු ගැනීමේ දී සෞඛ්‍ය අංශයේ විශේෂඥ මතයයට
    ගරු කරලා ඒ උපදෙස් අනුව අවශ්‍ය තීන්දු ගැනීමට කටයුතු කරන බවයි.

    ඊයේ (06) දිනයේ දී පී සී ආර් පරීක්ෂණ 4800ක් පමණ සිදු කළ බව කී අමාත්‍යවරිය,ආසදිතයින්ගේ ළඟම ඥාතීන් පරික්ෂා කිරීම ද සිදු කර තිබෙන බවත් සමාජය තුළින් ද පරික්ෂා කිරීම් 1816ක් සිදු
    කළ බව කීය.

    පී සි ආර් මඟින් තහවුරු වන රෝගීන් ගිලන් රථමඟින් පමණක් රෝහල් වෙත ගෙන යන බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් ප්‍රතිකාර සඳහා ලබා ගැනීමට කටයුතු කළ බවත් කීය.

    ජනාධිපතිතුමා ,අගමැතිතුමා ප්‍රධාන රජය ඉතාමත් කැපවීමෙන් රටේ ආරක්ෂව වෙනුවෙන් කටයුතු කරන බව කී අමාත්‍යවරිය,දකුණු අසියාවේ පර්මාදර්ශී රටක් ලෙස කොවිඩ් පාලනය කළ බවත් සෞඛ්‍ය අංශ බුද්ධි අංශ ද එකතු වී කොවිඩ් මර්දනය කිරීමට කැපවි ක්‍රියා කරන බව පාර්ලිමේන්තුවට සඳහන් කරන බවද පවසා සිටියාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya