මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට 50 වසරක් සපිරෙයි

    ඔක්තෝබර් 08, 2020

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට 50 වසරක් සපිරීම හා සෑම වසරකම ඔක්තෝබර් මස 08 වන දිනට යෙදී තිබෙන ජාතික විශ්‍රාමික දින සැමරුම පෙරදැරි කොට ගෙන පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් අද (08) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවතුණි.

    සෑම වසරකම ජාතික විශ්‍රාමික දිනය අභිමානවත් අයුරින් සැමරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණද, මේ වන විට රටෙහි උද්ගත වී ඇති කොවිඩ් - 19 හදිසි තත්වය හමුවේ අද දින (08) පැවැත්වීම සඳහා සංවිධානය කර තිබූ 50වන සංවත්සරය, ජතික විශ්‍රාමික දිනය හා ‘සැමට විශ්‍රාම’ යෝජනාවලිය සම්බන්ධ වැඩමුළුව කල් දැමීමට කටයුතු කර ඇත.

    ඒ අනුව අද දින ප්‍රෘවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාක්ච්ඡාවේදී ශ්‍රී ලංකා විශ්‍රාම ග්‍රන්ථය එළි දැක්වීම, ‘සැමට විශ්‍රාම’ යෝජනාවලිය හඳුන්වාදීම, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට වසර 50ක් සපිරීම නිමිත්තතෙන් කෙරුනු සමරු මුද්දරය සහිත මුල් දින කවරය නිකුත් කිරීම, පරිපුරක අභිමානිය පුවත්පත් අතිරේකය හා ඊ පුවත්පත් අතිරේකය අන්තර්ජාලයට මුදා හැරීම සිදු කෙරුණි.

    එහිදී අදහස් දැක්වූ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී ඩයස් මහතා කියා සිටියේ, මේ වන විට විශ්‍රාම වැටුප් හිමි ලක්ෂ දොළහකට ආසන්න රාජ්‍ය සේවකයින් පිරිසක් සේවයේ නියතුව සිටින බවත්, මාසිකව රුපියල් බිලියන 300ක පමණ මුදලක් වැය කරමින් හය ලක්ෂ පනස් තුන් දහසකට අධික විශ්‍රාමිකයින් පිරිසක් රජය විසින් විශ්‍රම හිමිකම් ලබාදෙන බවයි.

    මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී ඩයස්, තැපැල්පති රජිත් ආරියරත්න සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya