මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    දේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි- අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    ඔක්තෝබර් 08, 2020

    දේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩ නැගීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත් භාණ්ඩ ආනයනය නැවැත් වූ බැවින් කොවිඩ් වසංගතය හමුවේ වුවද ඩොලරය ස්ථාවරව පවත්වා ගැනීමට රජයට හැකියාව ලැබී ඇති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයන් සියළු දෙනාට පසුගිය ආණ්ඩුව බදු ගැසූ බවත් ආර්ථිකය ශක්තිමත් කරමින් යන මොහොතක දෙවැනි කොරෝනා රැල්ලට මුහුණු දීමට සිදු වුවද ආර්ථිකය කළමණාකරණය කර ගැනීමේ හැකියාව වත්මන් ආණ්ඩුවට පවතින බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    තවත් වසර 03කින් මෙරටට අල, ලූණු ආනයනය සම්පූර්ණයෙන් නතර කරන බව පැවසූ අමාත්‍යවරයා, බීජ නිෂ්පාදන ගම්මාන හදමින් මෙරට කෘෂි ආර්ථිකය නංවන බවද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya