රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ “සුව ධරණී” හෙළ ඔසු සංවර්ධන සහ සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමීව මෙම ඔසු උයන ආදර්ශ ඔසු උයනක් බවට පත්වූ අතර එහිදී වියළි කලාපීය පාරිසරික තත්ත්වයන්ට ගැලපෙන ඖෂධීය වටිනාකමින් යුතු ඖෂධීය පැළෑටි රෝපණය කිරීමක්ද සිදුවිය.
මෙම ආදර්ශ ඔසු උයන නුදුරේදී ජනතාවට විවෘත වන අතර, එය පාසල් ළමුන් ඇතුළු ඖෂධීය පැළෑටි පිළිබදව උනන්දුවක් දක්වන ජනතාව වෙත දැනුම ලබාදීමේ මධ්‍යස්ථානයක්ද වේ.
එම අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය, ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග, ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපතිනි සාගාලා අභයවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.