ජනාධිපති ගේඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දේශීය නිෂ්පාදන දිරිගන්වමින් ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ අඩුම මිලට සැපයීමේ ජාතික ව්‍යාපෘතියෙ ලෙස මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ අතර දේශීය නිෂ්පාදකයින්ට වෙළඳපොළ වැඩි අවස්ථාවක් ලබා දීම මෙහි අරමුණ වේ
රටේ උද්ගත වී ඇති වර්තමාන කොවිඩ් වසංගත තත්වය හමුවේ මුඛ ආවරණ සහන මිලකය ජනතාවට ලබා දීමට මෙම වැඩපිළිවෙළ යටතේ හැකියාව ලැබේ. මෙම මුඛ ආවරණයේ ස්තර තුනම 25ග්ස්ම් තත්වයෙන් නිෂ්පාදනය කර ඇති අතර මේ සඳහා ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහතිකය හිමිව ඇත.
වෙළෙඳපෙලේ අධික මිල ගණන් යටතේ තත්වයෙන් බාල මුඛ ආවරණ අලෙවි කිරීම නවතාලීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස රාජ්‍ය අංශය මැදිහත් වී මෙම ව්‍යාපෘතිය හඳුන්වා දුන් බව මෙම අවස්ථාවට එක් වූ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා සහ දාස සමූහ ව්‍යාපාරයේ සභාපති ඉසුරු ගුණදාස මහතා අතර සිදු විය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමත්‍ය ලසන්ත අලගියවන්න, වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.