ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය පවතින ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය ස්ථානයන්හි ද නැවත්වීම සිදු කෙරෙන බවත්, ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල නවත්වන දුම්රිය වෙතට මඟින් නංවාගැනීම සිදු නොකරීමට සහ විශේෂිත මැදිරි සහිත දුම්රියේ ගමන් කරන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්ෂක නිළධාරියෙකු සහ පොලිස් ආරක්ෂාව ද යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම, අද විභාග දෙපාර්තමේන්තුවේ දී මේ පිළිබඳව අවසන් සාකච්ඡාව සිදු කිරීමට නියමිත ව තිබෙන අතර ඇදිරිනීතිය පවතින දුම්රිය ස්ථානවල දුම්රිය නවත්වා දරුවන් දුම්රියට නංවාගැනීම පිළිබඳව බස්නාහිර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සමඟ ද සාකච්ඡා කොට ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.