ඒ අනුව, මිනුවන්ගොඩ පොලිස් ස්ථානය සම්පූර්ණයෙන්ම විෂබිජහරණය කර තිබේ. මීට අමතරව, පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිළධාරීන් 85 දෙනකු නිරෝධායනය කර ඇති අතර මේ වන විට ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගනිමින් සිටින බවත්, එම නිළධාරීන් සම්පූර්ණයෙන්ම ආයතන පරිශ්‍රයෙන් ඉවත්කොට ඒ වෙනුවට අලුත් නිළධාරීන් යෙදවීමටත් පියවරගෙන තිබෙන බව අජිත් රෝහණ මහතා මෙහි දී වැඩිදුරටත් පවසා සිටී.