ඒ අනුව, සිසුන්ගේ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ දක්වා ඇති තොරතුරු පත්‍රිකාවට ඇතුළත් කළ යුතුය. ඒ සඳහා https://info.moe.gov.lk දිගුව ඔස්සේ පිවිසිය හැකිය.
උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්වය සඳහා මෙවර පෙනී සිටින සියලු දරුවන් සුරක්ෂිතව විභාගය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු වී ඇති බැවින්, නිරෝධායන ඇඳිරිනීතිය පවත්නා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල සිසුන්, ගම්පහ දිස්ත්‍රික්කයට වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන සිසුන් මේ සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේ වුව ද, අදාළ තොරතුරු ඉදිරිපත් නොකිරීම විභාගයට පෙනීසිටීමට බාධාවක් නොවන බව ද සියලු සිසුන් හා දෙමව්පියන් වෙත අවධාරණය කෙරේ.