ඒ් මහතා මේ බව කියා සිටියේ අද (09) දින අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උසස් පෙළ හා 5 වසර් ශිෂ්‍යත්ව විභාග පැවත්වීම සම්බන්ධ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා කියා සිටියේ, දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක් අවරණය වන පරිදි විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් පිහිටුවා ඇති බවයි. ඒ් අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වෙනත් දිස්ත්‍රික්කයක පිහිටි විභාග මධ්‍යස්ථානයක් වෙත ගමන් නොකට තම පොලිස් බල ප්‍රදේශය සඳහා වෙන්වූ විශේෂිත විභාග මධ්‍යස්ථානය තුලදී ශිෂ්‍යත්ව විභාගයට හා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සකසා ඇති බව කොමසාරිස්වරයා කියා සිටියේ ය.
වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය මෙම මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේ, දෙමව්පියන්ට තම දරුවන් කිසිඳු බියකින් තොරව විභාගයට පෙනී සිටීම සඳහා විභාග මධ්‍යස්ථානය වෙත රුගෙන ආ හැකි බවයි. විභාග මධ්‍යස්ථානය තුලදී කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමක් සිදුවිය හැකි යැයි කිසිඳු අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ද දීපා ගමගේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
තවද, මේ වන විට සියලු විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කොට අවසන් බවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා ද මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කර සිටියේ ය.
මෙම මාධ්‍ය හමුව සඳහා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා හා දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ් බී ජී සෙනවිරත්න මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.