අද (09) දින අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවත්වීම සම්බන්ධ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව කීය.
මෙහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විශේෂයෙන් සඳහන් කර සිටියේ විභාග අයදුම්කරු සමග තවත් ඒක් භාරකරුවෙකුට පමනක් ගමන් කිරීමට අවසර හිමිවන බවයි.
මීට අමතරව, විභාග කාල සීමව තුලදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බල ප්‍රදේශ හරහා ගමන් ගන්නා දුම්රිය හා බස් රථ සඳහා ඒම බල ප්‍රදේශ වල පිහිටි දුම්රිය ස්ථාන වල හා බස් නැවතුම්පළයන්හි නතර කිරීමට අවසර ලැබෙන බවත් සිටියේ ය.
ඒහෙත් ඒම බස් රථ හා දුම්රිය වලට ගොඩවිය හැක්කේ විභාගය සඳහා ගමන් ගන්නා සිසු දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන්ට පමණක් බවත්, දුම්රිය හා බස් රථ ඇඳිරිනීතිය පවත්නා ප්‍රදේශයන්හි නැවැත්වීමට අවසර ලබා දෙන්නේ විභාගය සඳහා ගමන් ගන්නා සිසුන්ට විභාග මධ්‍යස්ථානය වෙත ගමන් ගැනීමට හා නැවත නිවෙස් බලා පැමිණීමට අවශ්‍ය ගමනා ගමන පහසුකම් සැපයීමට පමණක් බව ද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.