මෙම වර්ෂයේදී ඔක්තෝබර් 10 වන දිනට එම දිනය යෙදී ඇත. මෙවර ලෝක සහන සත්කාර දිනයේ තේමාව මගේ සත්කාරය මගේ සහනයයි යන්නයි.
ලෝක සහන සත්කාර දිනය පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (09) පිළිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනූව සහන සත්කාර සේවාව යනු ජීවිතයට තර්ජනයක් විය හැකි පිළිකාවක් වැනි රෝගයකින් පීඩා විදින රෝගීන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල ජීවන තත්ත්වය වැඩිදියුණු කරන ප්‍රවේශයකි.
මෙහිදී රෝගියා මුහුණපාන ගැටලු කලින් හදුනාගෙන ඔවුන්ගේ වේදනාව ඇතුළු මනෝ ශාරීරික ගැටලු සමාජයීය මෙන්ම ආධ්‍යාත්මික ගැටලු වලටද සාර්ථකව විසදුම් ලබාදේ.
තමන්ට අවශ්‍ය පරිදි සහන සත්කාරය ලබාගැනීම ජීවිතයට තර්ජනයක් වන රෝගයකින් පීඩා විදින සෑම පුද්ගලයෙකුගේම අයිතියක් වන අතර, රෝගියාගේ අවශ්‍යතාවය මත සහන සත්කාරය ලබාදීම සෑම සෞඛ්‍ය වෘත්තිකයෙකුගේම වගකීමකි.
බෝ නොවන රෝග මෙන්ම වියපත් ජනගහනයේ වැඩිවීමත් සමගම ශ්‍රී ලංකාව තුළ සහන සත්කාර සේවාවන්හි අවශ්‍යතාවයේ වැඩිවීමක් දැකිය හැක. සහන සත්කාර සේවාවන් දිවයින පුරාම ඇති ප්‍රධාන රෝහල් බොහෝමයකින් ජනතාවට ලබාගත හැකිය.
මෙවර ලෝක සහන සත්කාර දිනය මුල් කර ගනිමින් සහන සත්කාරයක් අවැසි ජනතාව වෙනුවෙන් උපරිම සහන සත්කාරයන් ලබාදීමට ජාතික පිළිකා මර්දන ඒකකය කටයුතු කරයි.