නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සිසුන්ගේ විභාග මධ්‍යස්ථාන තෝරාගැනීම පිළිබඳ මෙන් ම ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් සිසුන්ට සහ දෙමව්පියන්ට තවදුරටත් කරුණු පැහැදිළි කිරීමේ අරමුණින් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙයි.
ජාතික රූපවාහිනිය ඔස්සේ අද (10) රාත්‍රී 8.30 සිට 9.30 දක්වා සජීවි ලෙස වැඩසටහන විකාශය කෙරෙනු ඇත. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සහ විභාග දෙපාර්තමේන්තුවේ, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා එක්වීමට නියමිතය.
මෙවර විභාග සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, ප්‍රවාහන, සෞඛ්‍ය සේවා,ආරක්ෂක,ඇතුළු ආයතන රැසක් කොවිඩ් 19 තත්ත්වය යටතේ ආරක්ෂාකාරීව විභාගය පැවැත්වීමට සුවිශේෂී පියවර රැසක් සම්පාදනය කරමින් සිටියි.