නිරෝධයන ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විභාග මධ්‍යස්ථාන වෙත දරුවන් ගෙන යැමේ දී තම දරුවන් විභාගයට සහභාගී වන විභාග මධ්‍යස්ථානය නිසැකවම හඳුනා ගන්නා ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එසේ නොවන්නේ නම් තම දරුවාට විභාගයට සහභාගීවීමේ දී ප්‍රමාදයක් සිදු විය හැකි බවද අජිත් රෝහණ මහතා පැවසිය. විභාගයට යන තම දරුවා සමඟ දෙමව්පියන්ට සහභාගී විය හැකි බවත් ඊට වඩා පිරිසක් යැමෙන් වැළකෙන ලෙස ද ඉල්ලීමක් කළේ ය.
විශේෂයෙන් ම විභාග මධ්‍යස්ථන අසළ රැදී නොසිටන ලෙසත් දරුවන්ට රැදී සිටීමට ඉඩ නොදෙන ලෙසත් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටි අතර, මුඛ ආවරණ පැළඳ සෑම විටම සෞඛ්‍ය සිරිත් විරිත් අනුගමනය කරන ලෙස දන්වා සිටි අජිත් රෝහණ මහතා, විභාග ප්‍රවේශපත්‍රයේ ඡායා පිටපතක් හෝ දුරකතනය මඟින් ලබාගත් ඉලෙක්ට්‍රොනික පිටපතක් ළඟ තබා ගන්නා ලෙස ද දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේ ය.