මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook

    71 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව නිලධාරීන් 514 දෙනෙකුට සහ සෙසුනිලයින් 14,140 දෙනෙකු වෙත උසස්වීම් පිරිනැමේ

    ඔක්තෝබර් 10, 2020

    71 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් යුද්ධ හමුදාවේ නිලධාරීන් 514 දෙනෙකුට සහ සෙසුනිලයින් 14,140 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී ඇත.

    ඒ අනුව, නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකු මේජර් ජෙනරල් නිලයටත්, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිනන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 47 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 58 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත්, කපිතන් නිලයේ නිලධාරීන් 234 දෙනෙකු මේජර් නිලයටත්, ලුතිනන් නිලයේ නිලධාරීන් 99 දෙනෙකු කපිතන් නිලයටත්, දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 51 දෙනෙකු ලුතිනන් නිලයටත් මෙලෙස උසස්විම් ලැබුහ.

    එසේම, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදා දිනයට සමගාමීව සෙසුනිලයන් 14,140 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී ඇත. ඒ අනුව, නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවේ බලලත් නිලධාරී II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 318 දෙනෙකු බලලත් නිලධාරී I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 985 දෙනෙකු බළලත් නිලධාරී II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 1292 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරීන් 3058 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 3470 දෙනෙකු කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබලුන් 4747 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස් කර ඇත.

    SL Army

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya