වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා කියා සිටියේ, දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්නා ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක් අවරණය වන පරිදි විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් පිහිටුවා ඇති බවයි. ඒ් අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වෙනත් දිස්ත්‍රික්කයක පිහිටි විභාග මධ්‍යස්ථානයක් වෙත ගමන් නොකට තම පොලිස් බල ප්‍රදේශය සඳහා වෙන්වූ විශේෂිත විභාග මධ්‍යස්ථානය තුලදී ශිෂ්‍යත්ව විභාගයට හා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සකසා ඇති බව කොමසාරිස්වරයා කියා සිටියේ ය.
තවද, මේ වන විට සියලු විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කොට අවසන් බවත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ ය.