විභාග සඳහා සහභාගී වන සිසුන්ට විශේෂිත දුම්රිය මැදිරි එක් කිරීමේ වැඩපිළිවෙලක්- දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු
ප්‍රධාන මාර්ගයන්හි ධාවනය කරන සාමාන්‍ය දුම්රිය මඟින් විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා පමණක් සෞඛ්‍යාරක්ෂිත විශේෂිත දුම්රිය මැදිරි කිහිපයක් එක් කිරීමට ශ්‍රී ලංකා දුම් රිය සේවය කටයුතු කර තිබේ.
එළැඹෙන 05 වසර සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන් වෙනුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු විශේෂිත ආකාරයකට සිදු කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය පවතින ගම්පහ සහ වේයන්ගොඩ අතර දුම්රිය ස්ථානයන්හි ද නැවත්වීම සිදු කෙරෙන බවත්, ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල නවත්වන දුම්රිය වෙතට මඟින් නංවාගැනීම සිදු නොකරීමට සහ විශේෂිත මැදිරි සහිත දුම්රියේ ගමන් කරන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්ෂක නිළධාරියෙකු සහ පොලිස් ආරක්ෂාව ද යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.