අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ විභාගය පැවැත් වූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට පැමිණීමෙන් අනතුරුව ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
අපි ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා,දෙමාපියන්ට රජය පිළිබඳ විශ්වාසය තබා දරුවන් විභාගයට එවීමට කටයුතු කිරීම සම්බන්ධව, ලංකාව පුරා ම 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටලුවකින් තොරව සාර්ථක ව නිමා වුණා. දෙමාපියන් අපට කතා කොට රජයට තමන්ගේ ස්තූතිය පුද කළා. ඒ සම්බන්ධයෙන් අප සතුටු වෙනවා.
දෙමාපියන් රජයෙන් ඉල්ලා සිටියා දෙවරක් ම කල් තැබුණු විභාගය නැවත කල් නොදමන ලෙසට. රජය ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය , ආරක්ෂක , ප්‍රවාහන, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන සියල්ලේ ම සහයෝගය ඇතිව එකා මෙන් කටයුතු කර ඒ අභියෝගය ජය ලැබීමට හැකිවිය.
උසස් පෙළ විභාගයත් හෙට සිට එනම් 2020/10/12 දින සිට නොවැම්බර් මස 06වන දින දක්වා පැවැත්වීමට කටයුතු සියල්ල සංවිධානය කරලයි තියෙන්නේ. ඒ නිසා කිසිදු සැකයක් ඇති කර නො ගෙන දරුවන් විභාගෙට එවන්න. ඒමෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය ඇමතිනියට, සියලු ම සෞඛ්‍ය අංශවලට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලු ම කාර්යය මණ්ඩලයට, සියලු ම පළාත් පාලන ආයතනවලට , විභාග කොමසාරිස්තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට, සියලු ම ආරක්ෂක අංශවලට මේ දැක්වූ දායකත්වයට සහ කැපවීමට. යනුවෙන් ද පැවසී ය.
මෙම අවස්ථාව සදහා විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත, අධ්‍යාපන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.