මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව 10 දිනය වන විට කොවිඩ් ආසාදිතයන් 103 දෙනෙකු සොයා ගත් බවත් මේ පිළිබඳව විවිධ කට කතා පැතිරෙමින් පැවතුණත් මේ වන විට සොයා ගත් සියළුම ආසාදිතයන් මෙම කම්හලේ සේවකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බව දැනට අනාවරණය වී ඇතැයිද යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මේ වන විටත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත සියළුම අය නිරෝධායනයට හෝ පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් වෛරසය ආසාදනය වූවන් රෝහල් ගත කිරීමටත් පියවර ගෙන ඇතැයිද යුධ හමුදාපතිවරයා පැවසීය.
කොවිඩ් ආසාදනය වූවන්ගේ පවුල් බොහොමයක් යුධහමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්ගේ නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇති බව සඳහන් කළ ශවේන්ද්‍ර සිල්වා මහතා මේ වන විටත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායන මධ්‍යස්ථාන 96ක් යටතේ 10,250කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය වෙමින් පවතින බවද සඳහන් කළේය.
ඉදිරියේදී නිරෝධායන කටයුතු තවදුරටත් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා යටි තල පහසුකම් සූදානම් කර තිබෙන බවද ඒ මහතා පැවසිය.දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍ර දේශ වල ඇඳිරි නීතිය ඉදිරියටත් පවත්වාගෙන යන බවත් ඉදිරියේදී ඒ පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව රජය සාකච්ඡා කර ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගන්නා බවද ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.