අද (12 ) සිට නොවැම්බර 06 වන දා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2648 දී පැවැත් වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. වර්තමානයේ රට තුළ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කෙරෙන බව විභාග කොමසාරිස් සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අයදුම්කරුවන් 362,874 දෙනෙකු මෙවර විභගය සඳහා අයදුම් කර ඇත. විභාග මධ්‍යස්ථාන තුළ විශබීජහරණ කටයුතු, මුඛ ආවරණ පැළඳීම, දෑත් සේදීම, පුද්ගල දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අකුරටම අනුගමනය කිරීමටත්, දැනට නිරෝධායනයට ලක්ව සිටින සිසුන් වෙනුවෙන් වෙන් කළ විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමටත්, විශේෂයෙන් ම සිසුන් ප්‍රවාහනයේ දී විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමටත් සෞඛ්‍ය බලධාරීන්, ප්‍රවාහන බලධාරීන් සහ ආරක්ෂක අංශ සමඟ සම්බන්ධවෙමින් අංගසම්පූර්ණ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.
ඇඳිරි නීතිය පවත්නා ප්‍ර දේශ වල විභාග සඳහා සහභාගී වන සිසුන් වෙනුවෙන් විශේෂිත දුම්රිය ධාවනය වන අතර සිසුන්ගේ ආරක්ෂාව සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරින් සහ පොලිස් ආරක්ෂාවද මෙම මැදිරි වලට යොදවා ඇත
උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලු දරුවන්ගේ පෞද්ගලික තොරතුරු, ආසන්න කාලසීමාව තුළ පැවති රෝග තත්ත්වයන් ඇතුළු සියලු විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවිය හරහා නිකුත් කරන පත්‍රිකාවක් මගින් මාර්ගගත ක්‍රමයට ලබාගැනීමට පියවර ගෙන ඇති බවත්, එම පත්‍රිකා මගින් අදාළ තොරතුරු ලබාදීමට දෙමව්පියන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.