නයිනමඩම, ඉරනවිල හරහා හලාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයකට (10) දින සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශයට සමාන්තරව දිවෙන වෙන්නප්පුව සිට හලාවත දක්වා වූ කොටසේ කිලෝමීටර් 20.75 ක ඉදිකිරීම් කඩිනම් කර ඇත. මං තීරු දෙකක් යටතේ ඉදිවන මෙම මාර්ගය සදහා රුපියල් මිලියන 800 ක මුදලක් වැය වේ.
මෙම මාර්ගය ඉදිකිරීමට සමාන්තරව ඉරනවිල ප්‍රදේශයේ පාපැදි මං තීරුවක් හා හලාවත ප්‍රදේශයේ ව්‍යායාම් මං තීරුවක් ඉදිකිරීම, මුහුදු ඛාදනය වැලැක්වීම සදහා වැටකෙයියා පැල රෝපණය සහ මුහුදුබඩ ප්‍රදේශයට විශේෂිත වූ මගුල් කරඳ වැනි පැල වර්ග මාර්ගය දෙපස සිටුවීමට ව්‍යාපෘති භාර නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා උපදෙස් ලබා දුන්නේය.
අදාළ මාර්ගය ඉදිකිරීම තුළින් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය, ධීවර ප්‍රජාවගේ ව්‍යාපාරික කටයුතු පහසු කරලීම ඇතුළු ප්‍රදේශයේ ජනතාවට ආර්ථික වාසි රැසක් හිමිවනු ඇත.
ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, හලාවත විධායක ඉංජිනේරු පී.බී.කේ.ජී. කපුකොටුව යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාට සහභාගී වී සිටියහ.
---