මේ වන විට අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 120 වන බව ද අජිත් රෝහණ මහතා පැවසීය.එසේම අත්අඩංගුවට ගත් මුළු වාහන සංඛ්‍යාව 37 කි.
නිරෝධායන ඇඳිරි නීතිය තිබෙන ප්‍රදේශවල උසස්පෙළ විභාගය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙන අතර කිසිදු අවස්ථාවක එම ශිෂ්‍යාවන්ට විභාගයට පෙනී සිටිමට ඇඳිරි නීතිය බාධාවක් නොවන බව ද පැවසීය.
මන්නාරම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් දෙකක් හුදෙකලා කර තිබුන ද ඒ ප්‍ර දේශවල වභාගයට පෙනි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උස්සපෙළ විභාගය සඳහා සියලු පහසුකම් සළසා තිබෙන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
විභාගයට පිමිණෙන විට නිරන්තරයෙන් මුව ආවරණය පැළදීමත්,නිවසින් පිටවීමේ දී දෑත් සේදීමත්,විභාග මධ්‍යස්ථානය වෙත ගොස් දෑත් සේදීමත්,විභාග අවස්න් වු වහාම නැවත දෑත් සේදීමත්,විභාගයට පෙර හා පසු කණ්ඩායම් ලෙසින් ප්‍රශ්න සාකච්ඡා කිරීමෙන් වළකින ලෙසත් අජිත් රෝහණ මහතා සිසුන්ගෙන් ඉල්ලීමක් කළේ ය. සැම විට ම දුරස්ථභාවය රුඳවා ගැනීමටත්,විභාගය අවසන් වූ වහාම හැකි ඉක්මනින් තම නිවෙස් බලා ගමන් කරන ලෙසත් ,පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේ දී වඩාත් සැළකිලිමත් විය යුත් බවත්, අවධාරණය කළේ ය.