මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ ග්‍රාමීය රෝහල් සංවර්ධනයට, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට ලෝක බැංකුවේ සහාය

    ඔක්තෝබර් 12, 2020

    ශ්‍රී ලංකාවේ ග්‍රාමීය රෝහල් සංවර්ධනය , ප්‍රාථමික සෞඛ්‍ය අංශය වැඩිදියුණු කිරීමට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට අඛණ්ඩව සහය ලබා දෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් භාර කළමනාකර චියෝ කන්ඩා මහත්මිය පැවසීය.

    ඒ මහත්මිය මේ බව සදහන් කළේ (09දා) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර මහතා එම අමාත්‍යංශයේදී මුණගැසුන අවස්ථාවේදීය.

    ඉදිරියේදී මෙරට ජනතාවට සෞඛ්‍ය කාඩ්පත් ක්‍රමයක් හදුන්වා දීම කෙරේ තම සංවිධානය අවධානය යොමුකර ඇතිබව මෙහිදි ලෝක බැංකු නියෝජිතයින් අමාත්‍යවරයාට පැවසීය.

    එමගින් ජනතාවට තම සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාමේ හැකියාවක් පවතින බවද ලෝක බැංකු නියෝජිතයන් අමාත්‍යවරයා හමුවේ පැවසීය.

    එමෙන්ම ග්‍රාමීය අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම කෙරේ තම අවධානය යොමු කර ඇති බවත්, ඒ සඳහා රූපවාහිනී මාධ්‍ය මෙන්ම ගුවන් විදුලි මාධ්‍ය උපයෝගී කර ගැනීමට ලෝක බැංකුව අපේක්ෂා කරන බවත්, ලෝක බැංකු නිලධාරීන් අමාත්‍යවරයා හා පැවසීය.

    තවදුරටත් අදහස් දැක්වූ ලෝක බැංකු නියෝජිතයින් පැවසුවේ වැඩි වශයෙන් කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන පාසල් තෝරා බලා එම පාසල් ඉලක්ක කොට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තමන් පියවර ගෙන ඇති බවයි.
    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ දැනටමත් දිවයිනේ ප්‍රාදේශීය රෝහල් විශාල ප්‍රමාණයක් සංවර්ධනය කිරිම වෙනුවෙන් ලෝක බැංකුව ප්‍රතිපාදන ලබා ඇති අතර ඉදිරියේදී දඹුල්ල, දේවහූව,ගලේවෙල ආදී ග්‍රාමීය රෝහල් සංවර්ධනය කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya