මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනය

    ඔක්තෝබර් 12, 2020

    අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් එකසීය විසි හතර දෙනෙකු (124) හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් එකසීය විසි හතර දෙනා (124) අතරින් තිදෙනෙකු (03) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් අතරින් එක් පුද්ගලයෙකු (01) ඕමානයේ සිට පැමිණ සන් ග්‍රින් හබරන නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද, කුවෙට් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (02) නොරොච්චෝලේ සහ පස්සර නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වේ.

    එසේම, දේශීයව හඳුනාගත් පුද්ගලයින් එකසීය විසි එක් දෙනෙකු (121) සිටින අතර, ඔවුන් සියලුදෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින් වේ.
    මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (12) දින උදෑසන වන විට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1,307 දෙනෙකු වේ.

    අද (12) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් දෙදෙනෙකු (02) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (12) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් එකසීය දොලොස් දෙනෙකු (112) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, නොරොච්චොලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් විසි අට දෙනෙකු (28) ද, අමායා බිච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් පස් දෙනෙකු (05) ද, හොටෙල් ජෙට්විල් බ්ලු නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙකු (01) ද, හොටෙල් ජෙට්විල් බිච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙකු (01) ද, බිකොන් බිච් හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් දොලොස් දෙනෙකු (12) ද, හොටෙල් ඩෙල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් තිස් එක් දෙනෙකු (31) ද, රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් දහ හත් දෙනෙකු (17) ද, නිපුන බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් දහ දෙනෙකු (10) සහ හබරාදුව පොලිස් ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් හත් දෙනෙකු (07) වශයෙන් වේ. එසේම, අද (12) දිනය වනවිට පුද්ගලයින් 51,004 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.


    එසේම, අද (12) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 10,447 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (11) දිනය තුලදී PCR පරික්‍ෂණ 3468 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 331,972 ප්‍රමාණයක් සිදුකර ඇත.
    අද (12) දින උදෑසන 0600 වනවිට එක් පුද්ගලයෙකු (01) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයා (01) විදේශිය රටක සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya