අද (12) සවස මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් යුදහමුදාපතිවරයා මේ බව කීය.
එහිදී පවතින තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළ යුද හමුදාපතිවරයා;
අද (12) දිනයේ දී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව කොවිඩ් ආශ්‍රිතයන් වාර්තා වී ඇත. මේ සියලු දෙනා අතුරින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය නියුතු අයවලුන් අතරින් කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත කර තිබේ.එම ආයතනයේ සේවය කළ නමුත් කොවිඩ් ආසාදිතයන් නොවු සියලු දෙනා ද නිරෝධායනයට යොමු කර ඇති බව හමුදාපතිවරයා කීය.
එසේම මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නියුතු සේවකයිනගේ පවුල් වලින් 90%ක් පමණ ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායනයට ලක් වෙමින් සිටිති.ඉතිරි සියලු පවුල්වල පිරිස අද(12) දින ඇතුළත නිරෝධායනය කිරීමට කටයුතු සුදානම් කර ඇතැයි ද සදහන් කළේය.
මෙම පොකුරේ පළමු ආශ්‍රිතයින් හෝ මෙම ආකාරයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඇසුරු කළ ආශ්‍රිතයන් කොවිඩ් ආසාදනයට ලක් වු පවුල් වල අයවලුන් ද ඉදිරි දින 02 ඇතුළත අනිවාර්යෙන් ම නිරෝධායනය කිරීමට කටයුතු යොදන බව හමුදාපතිවරයා කීය.
ඊයේ (11) සවස මන්නාරම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් සොයාගෙන ඉන් අනතුරුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගෙන යාමේදී එය නිසි ලෙස සොයා ගැනිමට අවශ්‍ය වු බැවින් පට්ටිතොට්ටම් හා පෙරියකඩෙයි කුඩා ගම්මාන හුදෙකලා ගම්මාන බවට කම් කළ ද අද (12) ප.ව 06.00 සිට එය ඉවත් කිරීමට කටයුතු කළ බවද යුද හමුදාපතිවරයා කීය.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇදිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ ලබා ගැනීම සඳහා පසුගිය දින කිහිපය තුළ ඖෂධ සැල් හා වෙළඳසැල් විවෘතව තැබු අතර හෙට(13) සිට ලබන බ්‍රහස්පතින්දා දක්වා දින 03 ක කාලයක් මෙම කඩ සාප්පු වසා දැමෙන බව හමුදාපතිවරයා පවසයි. කෙසේ වුවද එම දින 03 පසුව බොහෝ විට එම වෙළඳසැල් විවෘත කිරිමට බලාපොරොත්තු වන බව ද කීය.
කෙසේ වුවද මේ වන විට විවිධ කටකතා පැතිරෙමින් තිබෙන බවත් ,සියලුම තොරතුරු මාධ්‍යයට නිකුත් කරන බැවින් ඒ පිළිබදව විශ්වාසය ඇති කරගන්නා ලෙසත් අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් කලබල නොවන ලෙසත් හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.