වැඩබිම් වලදී කොරෝනා වයිරසය පාලනය කිරිම පිණිස සෞඛ්‍ය බලධාරින් නියම කර ඇති පිළිවෙත් මුලින්ම අනුගමනය කල යුතු බවත් විෂබීජහරණය, මුව ආවරණ පැළදීම, විටින් විට අත් සේදීම හා සමාජ දුරස්ථභාවය තබා ගැනීමට සේවකයන් දැනුවත් කරන මෙන් අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ගෙන් ඉල්ලීමක් කරන ලදී. වැඩබිම් හා කාර්යාල වලට සේවකයන් සේවයට කැදවන විට කැදවිය යුතු සේවක සංඛ්‍යාව කැදවිය යුත්තේ කුමන අංශයේ සේවකයන්ද යනවග සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කර ගෙන තීරණ කිරිමේ අයිතිය නිලධාරීන්ට පැවරෙන බවද ප්‍රකාශ කරන ලදී. තමන්ගේ ආරක්ෂාව ගැන නිතරම හිතිය යුතු බවත් තමන් ආරක්ෂා උනොත් තවත් ලක්ෂ ගණනක් ආරක්ෂා වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය .
ජනතා අවශ්‍යතාවය මත දැනට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කිලෝමීටර් ලක්ෂයක ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය සහ අධිවේගී මාර්ග ඉදිකිරිම් ව්‍යාපෘතීන් වල ඉදිකිරිම් ඉදිරියට ගෙන යාම සදහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති ක්‍රමවේදයන්ට අනුව වැඩ කිරීමට තමන් යටතේ සේවය කරන සේවකයන් දැනුවත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මිනුවන්ගොඩ Brandix ඇගළුම් කර්මාන්ත ශාලාව කේන්ද්‍ර කර ගනිමින් සමාජගතවූ කොවිඩ් පොකුර පොකුර පාලන කිරිම සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජය, සෞඛ්‍ය අංශය, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මේ වන විටත් ජනතා ආරක්ෂාවට ගත යුතු සියළු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි