විශේෂයෙන් ඉන්දියානු රජය මුහුණ දෙනු ලබන ජල හා සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ අභියෝග සම්බන්ධයෙන් ඔවුන් ඉටු කරමින් සිටින කාර්‍යයන් සහ එහි මේ දක්වා ඔවුන්ගේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඉන්දීය කොමසාරිස්වරයා විසින් ජල සම්පාදන අමාත්‍යවරයා වෙත විස්තර කරනු ලැබීය.
එමෙන් ම ජල සම්පාදන අමාත්‍යාංශයත්,ජල සම්පාදන මණඩලයත් අවුරුදු පහක් ඇතුළත දිවයිනම ආවරණය වන පරිදි සියලුම පානීය ජල අවශ්‍ය පවුල්වල ජනයා හට ජලය සැපයීමට මේ වන විට සැලසුම්
කොට ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සහ සනීපාරක්ෂක වැඩසටහන මේ රටේ ක්‍රියාත්මක කිරීමට දරණ උත්සාහයත් පිළිබද පැහැදිලි කිරීමක් සිදු කෙරුණි.
විශේෂයෙන්ම ඉන්දියාවේ මළපවාහන සම්බන්ධයෙන් කටයුතු කරන තාක්ෂණික දැනුම ඇති පිරිස් හමුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මන්ඩලයේ මලාපවහන අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී සම්බන්ධ කිරීමට කටයුතු කළේ ය.
දකුණු ආසියාතික රටවල එකමුතුවේ වටිනාකම ගැන අමාත්‍යවරයා දැක් වූ අදහස් බොහෝසෙයින් ඉන්දීය කොමසාරිස්වරයා අගය කොට සිටි අතර ඒ වෙනුවෙන් ලබා දිය හැකි උපරිම අනුග්‍රහය ලබා දෙන
බව ප්‍රකාශ කළේ ය.
ඉන්දියානු රජය ජලය හා සනීපාරක්ෂක කටයුතු පිළිබදව සිදුකරනු ලබන කාර්‍යන් සම්බන්ධයෙන් දැනුවත් කිරිම සිළිබදව අමාත්‍යවරයා, ඉන්දීය කොමසාරිස්වරයා වෙත ස්තූතිය පුදකරනු ලැබූ අතර ශ්‍රි ලාංකා රජය ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලබන කටයුතු පිළිබඳව ලබාගත් අවබෝධය ගැනත් රටේ ඇති විශාල ප්‍රගතිය ගැනත් ඉන්දීය මහකොමසාරිස්වරයා සිය හද පිරි සතුට ප්‍රකාශ කළේ ය.