සමාජ මාධ්‍ය ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතිය පිළිකා මර්ධනය හා පාලනය සදහා ගනු ලබන සුවිශේෂී පියවරක් වන අතර, තරුණ, මහලු හා සියලුම ජන කොටස් ඉතා කෙටි කලක් තුල දැනුවත් කිරීමේ පහසුව මෙමගින් ඇති වේ. එමෙන්ම ජනතාව තුල ආකල්ප වෙනසක් ඇති කරමින් නව ජීවන රටාවකට යොමු කරවීම හා නව චින්තනයක් ඇතිකරවීම කෙරෙහි අවධානය යොමු කරවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙයි.