එහිදී රාජ්‍ය අමාත්‍යතුමන් මෙසේ අදහස් දැක්වීය.
''සමාජයක සංවර්ධනය ලෙස අපේක්ෂා කරන ප්‍රධාන වටිනාකමක් (Core Value) වන්නේ , ජීවන පැවැත්ම පිළිබඳව ඇති ස්ථාවර බව( Life Sustenance)යි.
මේ සදහා එම සමාජ සංස්ථාව තුළ ජනතාවට පරිහරණය කළ හැකි සහ ජනතාවට එදිනෙදා ජීවිතය පහසු කරවන යටිතල පහසුකම්ද මූලික වෙනවා.එහිදී ත් මාර්ග සංවර්ධනයත් මූලික වෙනවා. මේ තත්වය මනාව තේරුම් ගත් රජයක් විදියට ජනාධිපතිතුමන් ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කරන බව ප්‍රකාශ සිටියේ සියළු මැතිවරණ වලට පෙර සිටයි. එම ජනතා අභිලාෂය කඩිනමින් ඉටු කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය නොවූ මාර්ග කඩිනමින් සංවර්ධන කිරීම අප ආරම්භ කළා යැයි පැවසීය.