ඉදිරි දින තුන තුළ අනියම් ,ස්ථිර සහ සියළුම සේවකයන්ගේ අදාළ තොරතුරු රැස්කර ගන්නා ලෙස ද නම, හැඳුනුම්පත් අංකය ,දුරකථන, ස්ථිර ලිපිනය, තාවකාලික ලිපිනය, දැනට නවාතැන් ගෙන සිටින ස්ථානයේ ලිපිනය, ඊ මේල් ලිපිනය, එම පුද්ගලයා සම්බන්ධ කර ගත නොහැකි වූ විට සම්බන්ධ කර ගත හැකි වෙනත් අයකුගේ දුරකථන සහිතව පුද්ගලික ලිපිගොනු යාවත්කාලීන කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය
අද (13) කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
තවද ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 18 ආශ්‍රිතව පැන වූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බව, සංචරණය සීමා වන බව සහ කඩ සාප්පු විවෘත නොකරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
එහෙත් ඉදිරි දින 2 දී මෙම තත්වය සළකා බලා එළඹෙන සිකුරාදා දින අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ ලබාගැනීම වෙනුවෙන් ඇඳිරි නීතිය ලිහිල් කිරීම පිළිබඳව සළකා බලන බවද ඒ මහතා කීය.
ඇඳිරි නීතිය ඇති මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී කිසිම පුද්ගලයෙකුට පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන වලට නැගීමට හෝ බැසීමට ඉඩක් නොලැබෙන බවත් එහෙත් මෙම තත්වය උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බල නොපාන බවද අවධාරණය කළේය.
කොවිඩ් 19 වැලැක්වීමේ නිර්ණායක ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි දින කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොදු ස්ථාන වලදී මහජනයා අනුගමනය කළ යුතු නිර්ණායක එම ගැසට්ටුවේ සඳහන් වන බවත් මහජනයා ඒවාට අවනත වී කටයුතු කළ යුතු බව සහ නිරෝධායන නීතියට එරෙහිව කටයුතු කරයි නම් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
තවද අද දිනයේ පූගොඩ ප්‍රදේශයේදී තරුණයෙක් අත් අඩංගුවට ගෙන රෝහල් ගත කිරීමේදී ඔහු මිය ගොස් ඇති බවත් ඒ පිළිබඳව දැඩිව විමර්ශන කටයුතු කරන බවත් පොලිස් නිලධාරින් මෙම පුද්ගලයාගේ අයිතිවාසිකම් වලට එරෙහිව කටයුතු කර ඇත්නම් එම පොලිස් නිලධාරින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා කීය.