මත්ස්‍ය මිලදී ගැනීම සදහා දෛනිකව විශාල පිරිසක් පැමිණෙන බැවින් ඔවුන් හට වෙළෙද මධ්‍යස්ථානයට පිවිසීමට ඇති පිවිසුම් මාර්ගය ඉතා පටු බැවින් නිරන්තරයෙන් රථවාහන තදබදයක් ඇතිවන බව වෙළද ප්‍රජාව විසින් ධීවර අමාත්‍යවරයා දැනුවත් කර ඇත. ඒ අනුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ ඉල්ලීම පරිදි වෙළද මධ්‍යස්ථානයට පැමිණෙන රථ වාහන සංඛ්‍යාවට සාපේක්ෂව මෙම මාර්ගය පුළුල් කොට කඩිනමින් සංවර්ධනය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට මහාමාර්ග අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී.
පෙර සැලසුමට අනුකූලව පිවිසුම් මාර්ගය පුළුල් කිීරීමටත්ල මත්ස්‍ය වෙළදපොල ඉදිරිපිට ඇති කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට වත්තල දෙසින් පිවිසෙන මාර්ගය හා මංසන්ධිය පුළුල් කිරීමටද කටයුතු කරන ලෙසත් ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. එමෙන්ම මත්ස්‍ය වෙළෙදපොලට පිවිසෙන මාර්ගය ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන විකල්ප මාර්ගය හා මත්ස්‍ය වෙළදපොල අසල සිට ඉතිරි මාර්ග කොටස සංවර්ධනය කිරීම පිලිබදව වාර්ථාවක් තමාවෙත ලබා දෙන ලෙසට මාර්ග සැලසුම් අධ්‍යක්ෂිකා එස්. කලූආරච්චි මහත්මියට වැඩිදුරටත් උපදෙස් ලබාදෙන ලදී.
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් පී දයාරත්න මහතා මාර්ග සැලසුම් අංශයේ අධ්‍යක්ෂිකා සන්ධ්‍යා කලූආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.