නැගෙනහිර කොළඹ ජල සම්පාදන ව්‍යාපෘතියෙන් ජලය ලබා ගෙන 2021 දී මොරගහහේනට පානීය ජලය ලබා දීම සහ මධ්‍ය පරිමාණයේ ජල සම්පාදන ව්‍යාපෘති තුලින් සල්මල් උයන, හදපාන්ගොඩ, වව්ලුගල යන ප්‍රදේශයන්ට පානීය ජලය ලබා දීමට සැලසුම් සැකසීම, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කදන ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ 2025 වන විට හොරණ ආසනය ආවරණය වන පරිදි ජල සම්පාදන ලබා දීම පිළිබද වැඩිදුරටත් මෙහිදී සාකච්ඡා කරන ලදි.
හොරණ ප්‍රදේශීය සභාවේ සභාපති අශෝක රණතුංග, උප සභාපති දිලීප් විරක්කොඩි, බුලත්සිංහල හිටපු සභාපති තුසිත කුලරත්න, ජල සම්පාදන අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් සැලසුම් එම්.එස්. බණ්ඩාර, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සි.සි.එච්.එස්. ප්‍රනාන්දු, අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සරත් රණසිංහ, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික යන මහත්වරු ඇතුලු ජල සම්පාදන අමාත්‍යාංශයේ හා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් මෙම අවස්ථාවට එක් වූහ.