නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ආහාර සහ ඖෂධ වැළඳසැල් විවෘත කිරීම සම්බන්ධව හෙට දින තීරණයක් ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද (14) උදෑසන මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අජිත් රෝහණ මහතා මේ බව නිවේදනය කළේ ය.
එහිදී තවදුරටත් අඳහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා;
එසේම පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනිතිය කඩකළ පුද්ගලින් 11 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.ඒ අනුව පසුගිය ඉරිදා දින සිට මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ සම්පුර්ණපුද්ලගයින් සංඛ්‍යාව 135 දෙනෙක් පොලිස භාරයට ගෙන තිබේ.ඇඳිරි නීතිය බල පැවැත්වෙන බල ප්‍ර දේශවල අද(14) දින ද නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර එනිසා කිසිදු ආකාරයකට කඩසාප්පු විවෘත විමක් සිදු නොවේ.එය සපුරා තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තවදුරටත් කීය.
එසේම මෙම ප්‍ර දේශවලින් ගමන් ගන්නා රථ වාහන සඳහා මඟින් නංවා ගැනීම හෝ මඟින් බැස්සවිමට හැකියාවක් නොමැත.මෙම සිමාවන් අ.පො.ස උ.පෙළ සිසුන් සඳහා බලනොපායි. එසේම මේ වන විට ශ්‍රි ලංකාවට කොයිඩ් ආවධානම තිබෙන බවත්,එනිසා ඇඳිරී නීතිය තිබෙන ප්‍ර දේශවල පමණක් නොව ඇඳිරිනීතිය නොමැති ප්‍රදේශවල සිටින පුද්ගයින් ද නිසි සෞඛ්‍යාරක්ෂිත පියවර යන් අනුගමනය කළ යුතු බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර සිටියි.එසේම මෙම රෝග ලක්ෂණ තිබේනම් එය වහාම අනාවරණය කළ යුතු බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි