ඒ පිළිබදව ගැඹුරින් කරන ලද අධ්‍යනයකින් පසු අදාළ තෙවසරක වැඩ පිළිවෙළ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ අනුව ක්ෂේත්‍රයේ පවතින විවිධ ගැටළු සදහා වසර තුනක් තුළ විසදුම් ලබාදීමට හා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අදාළව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටු පහක් අධිකරණ අමාත්‍යතුමා විසින් පත්
කර ඇති අතර එම කමිටු ප්‍රධානීන්ට හා කමිටුවල උපදේශකවරුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ( 13) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය.
ඒ අනුව පත් කළ නව කමිටු ප්‍රධානීන් පහත සදහන් පරිදි වේ.
ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා -අධිකරණ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කමිටුව
ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා-අපරාධ නීති ප්‍රතිසංස්කරණ කිරීමේ කමිටුව
ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා -අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ හා ස්වයංක්‍රිය කිරීමේ කමිටුව
නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා -වාණිජ නීති ප්‍රතිසංස්කරණ කමිටුව නීතිඥ ලසිත් කණුවනආරච්චි මහතා -සිවිල් නීති ප්‍රතිසංස්කරණය කිරීමේ කමිටුව
*පත් කළ නව කමිටු උපදේශකවරුන් පහත සදහන් පරිදි වේ.
නීතිඥ සංජීව දසනායක මහතා
නීතිඥ ෂෙහාන් ගුණවර්ධන මහතා
නීතිඥ ශමිත් ප්‍රනාන්දු මහතා
නීතිඥ රුවන්ත කුරේ මහතා
නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා
නීතිඥ සංජිත් සේනානායක මහතා
අදාළ කමිටුවල විශේෂඥ ලෙස නීතිඥ ෂෙහානී ද අල්විස් මිය
අදාළ කමිටුවල පර්යේෂණ නිලධාරී ලෙස නීතිඥ රම්සි බාචා මහතා පත් කර තිබේ.
කමිටුවල ප්‍රධානීන්ට සහ ආංශික උපදේශකවරුන්ට පැවරී ඇති වගකීම් හා කාර්ය භාරයන් පිළිබදව අධිකරණ අමාත්‍යතුමා විසින් එහිදී පැහැදිලි කිරීම් සිදු කළ අතර අධිකරණ පද්ධතිය තුළ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ හා විසදුම් ඉදිරිපත් කිරීමේ වැදගත් කම ද සදහන් කළේය. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ද සහභාගි විය.