ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දිවයිනේ සියලු ප්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නැතිව අළෙවිකිරිමේ පහසුව ගොවීන්ටම ඝෘජුව හිමිවන පසුබිම සැකසීමෙන් එය ආරම්භ කළහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
ජීවන වියදම් කමිටුව සමග (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවතිසාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව සියලු ප්‍රදේශ වෙත අඛණ්ඩව සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග විධිමත් කිරීම කෙරෙහි ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු විය.
වත්මන් ජීවන තත්ත්වය සහ කොවිඩ් 19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන පරිප්පු, ටින් මාළු, බී ළුණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදුජනාධිපතිතුමා විසින් ඊයේ ඉවත් කරනු ලැබීය.
පුරන්ව ඇති බවට ශ්‍රේණිගත කර තිබෙන කුඹුරුවල කඩිනමින් පොල් වගා කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. හෙක්ටයාර් 50,000ක් අළුතින් පොල් වගා කිරීම රජය ආරම්භ කර ඇත.
එළවළු, පළතුරු, බිත්තර පාරිභෝගික අවශ්‍යතාව අනුව ප්‍රාදේශීයව සපුරා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සැකසෙමින් පවතින බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ මහතා පැවසීය.
පවුලක දෛනික පරිභෝජන අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ගණනය කර තිබේ. අඩු ආදායම්ලාභීන් නගා සිටුවීමේ පියවරක් ලෙස නිවාසආශ්‍රිතව එළවළු සහ පළතුරු වගා කිරීම සහ ගෘහස්ත කුකුලු පාලනයෙන් බිත්තර අවශ්‍යතාව සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන්කළේය.
පසුගිය වසරට සාපේක්ෂව මෙවර යල සහ මහ කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලැබී ඇතැයි නිලධාරීහූ පෙන්වා දුන්හ. ඉදිරියේ දී වී අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පැහැදිළි කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පළතුරු, එළවළු සහ පොහොර දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි ද සඳහන් කෙරිණ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අළුත්ගමගේ, ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, අරුන්දික ප්‍රනාන්දු, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසීල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු ඇතුළු ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.