එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන හෙයින් හෙට දින (16) වනදා උදෑසන දක්වා එම මුහුදු ප්‍රදේශ වල ධීවර කටයුතු වල යෙදීම අනතුරුදායක වේ.
කන්කසන්තුරේ සිට මුලතිවු හරහා ත්‍රිකුණාමලය දක්වා සහ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50 – 60 දක්වා වැඩි විය හැක. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගයද විටින් විට පැයට කිලෝ මීටර 50 - 55 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.